Sunday, June 2, 2013

තවත් එක ආදර කතාවක්… 2

කලින් පිටුව බැලුවේ නැත්තම් මෙන්න මෙතනින් පෙරලලා බලලා එන්න...


හැමදාමත් වගේ කොල්ලෝ ටික සෙට් වෙන පොට් එකක් තියෙනවා.. කොහේ දිපන්කරේ යන්න උනත් හැම එකාම සෙට් වෙන්නේ ඔතනට තමයි... එදත් අපි සෙට් එකම පන්සල් යන්න සෙට් උනෙත් එතනට... අපේ සෙට් එක ගැන කියලම ඉන්නම්කො... ශෙලන් ගැනයි තුෂාන් ගැනයි දන්නවනේ... උන් දෙන්නම මට වඩා අවුරුද්දක් වැඩිමල්... දෙන්නම ජොබක් කරනවා.. උන්දෙන්නටම ගැලපෙන ජොබ... හැමදාම වගේ මුන් කලින් ගෙදර පනිනවා... මිලිඳු,සුරේෂ්,චමිල,  තුන්දෙනාම එකම වයසේ.. උන් මට වැඩ අවුරුදු තුනක් බාලයි... සහන් මගේ වයසෙමයි... 

කට්ටියම එකතු උන ගමන් තුෂානයා බස් කෙල්ල ගැන කියලා මාව බයිට් කරන්න ගත්තා.... උන්ගේ අපත කතා අහගෙනම අපි පන්සලට ගියා... හැමදාම වගේ දහම්පාසලේ ළමයි පහන් පත්තු කරනවා... අපි ඉතින් කරන්නේ ඔතනට වෙලා කෙල්ලෝ පහන් පත්තු කරනවා බලන් ඉන්න එක... එදත් සුපුරුදු පරිදි අපි කෙල්ලෝ බල බල හිටියා... ටික වෙලාවකින් ඈත ඉඳගෙන බුවෙක් අත වනනවා.. බැලින්නම් සුරේශ්ලාගේ දහම්පාසලේම යාලුවෙක්... අපි සෙට් එකත් ඉතින් ඒ පැත්තටම ගැච්චුවා....


"උබලා මොකෝ මේ පන්සල පැත්තේ ?"  අලුත් යාළුවා එහෙම ඇහුවා... ඌටත් පුදුම ඇති අපි වගේ උන් පන්සල් එන එක ගැන...


"නෑ බන් මෙනන මූට කෙල්ලෙක් දිෂ්ටිය දාලා අපි මේ පහනක් පත්තු කරලා යන්න ආවා ඒ කෙල්ලව මූට හම්බෙන්න කියලා.." අපේ සෙට් එකේ කට හැකර තුෂානයා පැනපු ගමන් කිව්වා... එතනත් මම බයිට්ලු... පව් නේ මම.... ඔය අතරේම පූජාවත් පටන් ගත්තා...


" වරෙන් වරෙන් මුලින් මල් වට්ටියකට අත ගහලා උබේ බිබික්කම උබට හම්බෙන්න කියලවත් හිතමු..." තුෂානයා මාව බයිට් කරන එක අත අරින්නෙම නෑ ...

කට්ටියම ශේප් එකේ මල් අත ගහන පෝලිමටම සෙට් උනා...මුලින් මල් වට්ටි ගත්ත පොඩි පොඩි බට්ටෝ සෙට් එකත්, ඊට පස්සෙන් කෙල්ලෝ සෙට් එකත් එනවා... මල් වට්ටි අත ගහන ගමන් ආපහු මාව ගල් ගැහුනා... ඇඟ සීතල වෙලා ගියා... දෙවියනේ දකින්න ආසාවෙන් පෙරුම්පුරපු ඇස් දෙක ආපහු මගේ ළඟ...මට අදහ ගන්නවත් බැරි උනා.... 


"ම...ම..මචන්... අ..අ..අර...කෙ..කෙල්ල..." අමාරුවෙන් වචන එකතු කරගෙන මම යාලුවොන්ට කිව්වා..

"යකෝ...කොහොමද මගේ වැඩ..උඹට කිව්වනේ පහනක් පත්තු කරන්න යමන් කෙල්ලව හම්බවෙයි කියලා...බලපන් උඹ මල් වට්ටි දෙකකට අත ගහනකොට බඩු  උඹ ළඟ..." තුෂානයා ආපහු පටන් ගත්තා...

"අඩෝ ඒ දහම් පාසලේ  කෙල්ලෙකෙනේ බන්..." අලුත් යාළුවා එක පාරටම කිව්වා...

" අපි නොදන්න කෙල්ලෝ කොහොමද උඹ දන්නේ..." මිලිඳුට ප්‍රශ්නයක්...

"කොහෙද උබල අවාරෙටනේ දහම්පාසල් එන්නේ..  ( අපේ උන් දහම්පාසල් යන්නේ අවාරෙට පොල් වැටෙනවා වගේ තමයි..) ඔය කෙල්ල දැන් මාසයක් විතර ඇති දහම්පාසල් ඇවිත්...ලඟදි මේ ගමට ඇවිත් තියෙන්නේ... නම භවානි, අට වසරේ ඉන්නේ.යශෝදරා එකට යන්නේ,ඉන්නේ අහවල් තැන,තාත්තා පොලිසියේ, මේකිට තව අක්කා  කෙනෙක් ඉන්නවා..."මිලිඳුලාගේ අලුත් යාළුවා කෙල්ලගේ උප්පැන්න සහතිකේ ඉඳලම කියෝගෙන කියෝගෙන යන්න පටන් ගත්තා.... අපි බය වෙලා...

"එක මාසෙට උබ කොහොමද  **තෝ   විස්තර දන්නේ ? " මිලිඳු පුදුමෙන් වගේ ඇහුවා...

"යකෝ ඒකිට හැම එකාම පෙරනවා බන්...එත් කාටවත් සෙට් උනේ නෑ.. මමත් ට්‍රයි එකක් දුන්න බන්... මටත් නෝ ප්ලේස්.. "

"ඇයි ඒකිට වෙන කොල්ලෙක් ඉන්නවද...?" මට දැන ගන්නම ඕන වෙලා තිබ්බ ප්‍රශ්නය මම උගෙන් ඇහුවා...

" නෑ  මචන් කොල්ලෙක් නෑ.. එත් දන්නේ නැද්ද හැම එකාම ට්‍රයි කරනකොට කෙල්ල අහවල් එක නළලට ගන්නවා නේ..."

හම්මේ ඇති යන්තම්.. මම සැනසුම් සුසුමක් හෙලුවා.. 

" මොකෝ උබත් ට්‍රයිද මචන්...? "

"ඔව් ඔව් බන් මු ට්‍රයි කියන්නේ අපිටයි බන් කනක් ඇහිලා ඉන්න නැත්තේ..." ශෙලනයා ආපහු මට මඩ ගහනවා...


"මචන් උබ  ඔකිත් එක්ක යාලු වෙලා පෙන්නපන්.. මමත් ඕනම හෙල්ප් එකක් දෙන්නම්... මම හිතන්නේ නෑ  උඹටත් පුළුවන් වෙයි කියලා... ගමෙන් බාගයක් විතර ඔකිගේ පස්සෙන් යනවා යකෝ...උබට පුලුවන්නම් යාලු වෙලා පෙන්නපන්... මොකද කියන්නේ..? " 


"ට්‍රයි එකක් දුන්නට පාඩුවක් වෙන්නේ නැහැ නේ බන්... යමන් යමන් ට්‍රයි එකක් දාන්න.. " මමත් ලේසියෙන් පැරදෙන්න කැමති උනේ නෑ...  ඊට පස්සේ බෙට්ට වටේට කැරකෙන නිල මැස්සෙක් වගේ මමත් කෙල්ල යන යන පස්සෙන්ම යන්න ගත්තා... කෙල්ලටත් මීටර් අපි පස්සෙන් එනකොට... 

ඔහොම කැරකි කැරකි ඉන්නකොට ටිකකින් තවත් කෙල්ලෙක් ඇවිත් භාවනිව  එක්කන් ගියා..

"අඩෝ.. තෝ දැන් යන්න එපා.. ඒ තමයි කෙල්ල කුලියට ඉන්න ගෙදර ඉන්න අන්කල්ගේ දුව... උබ දැන් පස්සෙන් ගියොත් වැඩේ නොන්ඩි වෙයි... අදට ගේම අත ඇරලා දාපන්..." මිලිඳුලාගේ  යාළුවත් බලන් ගියාම නරක නෑ... නැත්තම් ඌට සෙට් උනේ නැති කෙල්ලව මට සෙට් කර ගන්න උදව් කරයිද...? කෙල්ල යාලුවත් එක්ක වාහනේ තියෙන තැනට යනවා මම ඈත ඉඳලා බලාගෙන ඉන්න ගමන්  දිල්වාලේ දුල්හානිය ලේ ජායින්ගේ ෆිල්ම් එකේ වගේ,

එයාටත් මගේ ගැන මොනවම හරි හැඟීමක් තියෙනවනම් එක පාරක් පිටිපස්ස හැරිලා මගේ දිහා බලයි... බලපන්... බලපන්... මගේ හිත කෑ  ගහනවා...  

ම්ම්හ්... මොන... ආසාවට වැරදිලාවත් බැලුවේ නෑ... මම දැන ගත්තා ඒවා වෙන්නේ ෆිල්ම් වල විතරමයි කියලා.... දැක්ක එකත් ලොකු දෙයක්නේ.. නොදන්නා විස්තරත් දැන ගත්තානේ..... මම  හිත හදාගන්න එහෙම හිතුවා.. 

" මචන් උඹලා හෙට වරෙන් දහම්පාසල්... උබේ යාලුවටත් කියපන් ඉන්ටවල් එකේදී හරි දහම්පාසල ඇරුනම හරි එන්න කියලා... කෙල්ල දහම්පාසල් ඇරිලා යන්න තනියම... උබට බල ගන්න පුළුවන් සේම පරණ සෙට් එකවත්..." අලුත් යාළුවා තවත් වැදගත් ඔත්තුවක් දුන්නා...


" මිලින්දා,සුරේෂ් මොකෝ උබල දෙන්න කියන්නේ හෙට ෆිට් එකේ එමුද එහෙනම් දහම් පාසල්...??" චමිලය අරුන් දෙන්නවත් ඇදගෙන දහම්පාසල් එන්න ට්‍රයි එක....

" යමන් යමන් ඉතින්... නැත්තම් මුගෙන් කනක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ  අපිට...." අරුන් දෙන්නත් මම නිසාම දහම්පාසල් යන්න කැමති උනා...

"අඩෝ කැ*යා  දීපන් අපිට පාටියක්... " යාලුවෝ දැන්මම මගේ  දත් ගලවන්න සෙට් වෙලා...

" අනේ බන් තාම සෙට් උනෙත් නැතුව මොන පාටිද ? "

" එහෙම හරියන්නේ නෑ...දැනට ඇඩ්වාන්ස් පාටියක් දීපන් පොඩියට වෙන්න... වැඩේ සෙට් උනාම ලොකු පාටියක් දීපන්.."


"හ්ම්ම් යමන් යමන් එහෙනම් මොනවා හරි කමු...... එක නෙමෙයි හෙට වරෙන් ඔන්න දහම්පාසල ඉවර වෙන වෙලාවට මාත් එක්ක යන්න....." මුන්ගෙන්  බේරෙන්න බැරි තැන පන්සල ගාව කඩේට ගිහින් ගල්බනිසක් කාලා ගෙදර ගියා....


***********************************************


අපි සෙට් එකම හරියට 11.30 වෙනකොට සුපුරුදු පොත එකේම සෙට් උනේ දහම්පාසල ගාවට යන්න.. හරියටම 12ට දහම්පාසල ගාවට ගියා... නැත්තම් කෙල්ලව මිස් උනොත් තව සතියක් බලන් ඉන්න වෙන නිසා... අපි සෙට් එකම රැකගෙන ඉන්නවා කෙල්ල එනකම්...

"උබ කෙල්ල එලියට ආව ගමන් එකිත් එක්ක කතා කරපන්..." සහන් මට උපදෙස් දෙනවා...

"ඔව් ඔව් නැත්තම් වෙන එකෙක් උස්සන් යනකම් උඹ උඩ බලන් ඉඳියි..." ශෙලනයත් සහන්ටම එකතු වෙලා මට උපදෙස් දෙන්න පටන් ගත්තා...

" හ්ම්ම්.. ඔන්න බලපන්කො කොල්ලගේ වැඩ කිඩ එහෙනම්.." ඒ මම..

 ඔන්න එකා  දෙන්නා  හෙමින් හෙමින් දහම්පාසලෙන් එලියට එනවා.. කෙල්ලවත් ගානට මීටරේට වැටුනා... මොකද  මිලිඳුවයි, සුරේෂයයි, චමිලයයි, අලුත් යාළුවයි බොඩි ගාර්ඩ්ලා වගේ කෙල්ලගේ පිටිපස්සෙන් එනවා අත වන වන...

කෙල්ල එලියට ආව ගමන් උන් සෙට් එකම මට ඉස්සර වෙන්න දීලා පස්සෙන් එනවා... මොන අයියා කෙනෙක් උනත් කෙල්ලෙක් එක්ක මුලින් කතා කරන්න හදනකොට පොඩ්ඩක් කුජිත වෙන සීන් එකක් තියෙනවනේ...මට උනෙත් එකමයි.. කතා කරන්න ආසයි එත් බයයි බයයි වගේ... අන්තිමට කෙල්ල ගේ ගාවට යනකම්ම අපි සෙට් එක පස්සෙන් ගියා... කෙල්ලට දැන් හොඳටම මීටර් මමත් පස්සෙන් එන්න පටන් අරන් කියලා... එත් මේකි නෙමෙයි නිකම්වත් බලන්නේ... 

"නොදකින් පෙරේතයා... යකෝ අපිත් කිලෝමීටර් දෙකක් විතර අවු කුෂ්ටකේ කට්ට කෑවා... මේ නරියා එක වචනයක්වත් කතා කරේ නැහැ නේ.. " තුෂාන්ට මල පැනලා..


" උඹලා නම් කියයි... මමනේ යකෝ දන්නේ මාව ගැහුනා විදිහ... නිකවත් ඒකී බැලුවේවත් නැහැනේ.." මම ඇත්තම කිව්වා..

"එහෙම තමයි ඩෝ හැදිච්ච කෙල්ලෙක් උනහම..මුලින් පොඩ්ඩක් ගණන් උස්සල තමයි කැමති වෙන්නේ... උබට ඕනේ පැනපු ගමන් රෙද්ද උස්සල්ලා දෙන එකෙක්නම් පල නුගේගොඩ බෝ ගහ යටට.." තුෂානයා මට දෙහි කපනවා...

"හරි හරි බන්.. අදට අපි මූට පොදු සමාව දෙමු... " අනිත් උන් මාව බේර ගත්තා..

"මේ එහෙනම් උඹලා දෙන්නා හෙට උදේටත් වරෙන් හොඳේ මාත් එක්ක බස් එකේ යන්න.." මම ශෙලනයයි තුෂානයයි දිහා බලලා  කිව්වා...

"උඹට අපි බෑ කියනවද බන්.."  තුෂානයා ඇවිත් මගේ කරේ එල්ලුනා..

"ඒ බඩගිනි බන්, අව්වේ කට්ට කාලා.. එහෙනම් මේ අපි කැපෙනවා.." 

මුන් මොනවා කිව්වත් මම දන්නවා ඒ ඔක්කොම යාලු ෆිට් එකට බව.. මටම හම්බුන එළම කිරි යාලුවෝ... හෙට උදේට සෙට් වෙන්න හිතාගෙන අපි ගෙවල් වලට ගියා...


**************මතු සම්බන්ධයි  ***************







No comments:

Post a Comment