Friday, May 31, 2013

තවත් එක ආදර කතාවක්…

ආසාවට මමත් බොගග් පටන් ගත්තා… දැන් ඉතින් ලියන්න තමයි තියෙන්නේ….ම්ම්ම්…. මතක් කොරනකොට කොරනකොට මතක් උනා හැමෝටම වගේ අත්දැකීම් තියෙන ආදරේ ගැන… ඒ සුන්දර මතකය එහෙනම් මුලින්ම මේ බොගේ අකුරු කරන්නම්… බොගවල් ලියන අනිත් හැමෝම වගේ පිළිවෙලටම ලියන්න තරම් අත්දැකීම් මදි තවම….. අඩුපාඩුවක් තියෙනවනම් කමෙන්ට් එකක් එහෙම දාලා පොඩි තල්ලුවක් දෙයි කියලා හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා…
මටම ජයවේවා…!!!
*************************************************************
” උසස්පෙළ කරලා ප්‍රතිපල එනකම් ගෙදරට  වෙලා නිකම් ඉන්නවට වඩා තව මොනවා හරි  ඉගෙන ගන්න එක කරකද ? “ අම්මා  හැම වෙලේම  කිව්ව දෙයක් තමයි ඔය….
නිතරම ඔය ගැන මට මතක් කරන නිසා මමත් ඒ ගැන ටිකක් වඩිපුර හිතන්න පටන් ගත්තා. පස්සේ තීරණය කොලා ඇක්වයිනාස් එකේ ඉංගිරිසි ඉගෙන ගන්න යන්න…
නැත්තම් මගෙ දින චර්යාව වෙලා  තිබුනෙ පස්ස පැත්තට එලිය වැටෙනකම් නිදාගෙන ඉඳලා ගෙදර තියෙන දෙයක් ගිලලා යාලුවොත් එක්ක රස්තියාදුවේ යන එක.. ඒකට හරියන්න නියම යාලුවො සෙට් එකකුත් මට හිටියා…
ඇක්වයිනාස් එකෙ පන්ති තියෙන්නෙ තමන්ගෙ දනුමෙ මට්ටමටම…  දැනීම වැඩි  අයට අවසන් වසරත්, සාමාන්‍ය  දැනුමක් තියෙන අයට මද්‍යම වසරත්, දැනුම මට්ටම අඩු අයට මුල්ම වසරත් ලෙස තමයි පන්ති වෙන කරලා තිබ්බේ… හැම වසරකම මාස 3 ගානේ තියෙනවා…ඒක නිසා මුලින්ම විභගයක් එහෙම තියෙලා එකෙන් ලකුණු ගන්න අනුව තමයි තමන් ඉගෙන ගන්න පන්තිය මොකක්ද කියල එක තිරනය කරේ..
මමත් ඉතින් අදාල  විභාගය එහෙම කරා කියමුකො… දෙයියනේ  කියලා මාව තේරුනෙත්  පලමු වසරට..ඒ කියන්නෙ මාස 9 ක්ම පන්ති යන්න වෙනවා කියන  එක..

තව කියවන්න "තවත් එක ආදර කතාවක්…"