Friday, May 31, 2013
තවත් එක ආදර කතාවක්…
ආසාවට මමත් බොගග් පටන් ගත්තා… දැන් ඉතින් ලියන්න තමයි තියෙන්නේ….ම්ම්ම්…. මතක් කොරනකොට කොරනකොට මතක් උනා හැමෝටම වගේ අත්දැකීම් තියෙන ආදරේ ගැන… ඒ සුන්දර මතකය එහෙනම් මුලින්ම මේ බොගේ අකුරු කරන්නම්… බොගවල් ලියන අනිත් හැමෝම වගේ පිළිවෙලටම ලියන්න තරම් අත්දැකීම් මදි තවම….. අඩුපාඩුවක් තියෙනවනම් කමෙන්ට් එකක් එහෙම දාලා පොඩි තල්ලුවක් දෙයි කියලා හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා…
මටම ජයවේවා…!!!
*************************************************************
” උසස්පෙළ කරලා ප්‍රතිපල එනකම් ගෙදරට වෙලා නිකම් ඉන්නවට වඩා තව මොනවා හරි ඉගෙන ගන්න එක කරකද ? “ අම්මා හැම වෙලේම කිව්ව දෙයක් තමයි ඔය….
නිතරම ඔය ගැන මට මතක් කරන නිසා මමත් ඒ ගැන ටිකක් වඩිපුර හිතන්න පටන් ගත්තා. පස්සේ තීරණය කොලා ඇක්වයිනාස් එකේ ඉංගිරිසි ඉගෙන ගන්න යන්න…
නිතරම ඔය ගැන මට මතක් කරන නිසා මමත් ඒ ගැන ටිකක් වඩිපුර හිතන්න පටන් ගත්තා. පස්සේ තීරණය කොලා ඇක්වයිනාස් එකේ ඉංගිරිසි ඉගෙන ගන්න යන්න…
නැත්තම් මගෙ දින චර්යාව වෙලා තිබුනෙ පස්ස පැත්තට එලිය වැටෙනකම් නිදාගෙන ඉඳලා ගෙදර තියෙන දෙයක් ගිලලා යාලුවොත් එක්ක රස්තියාදුවේ යන එක.. ඒකට හරියන්න නියම යාලුවො සෙට් එකකුත් මට හිටියා…
ඇක්වයිනාස් එකෙ පන්ති තියෙන්නෙ තමන්ගෙ දනුමෙ මට්ටමටම… දැනීම වැඩි අයට අවසන් වසරත්, සාමාන්‍ය දැනුමක් තියෙන අයට මද්‍යම වසරත්, දැනුම මට්ටම අඩු අයට මුල්ම වසරත් ලෙස තමයි පන්ති වෙන කරලා තිබ්බේ… හැම වසරකම මාස 3 ගානේ තියෙනවා…ඒක නිසා මුලින්ම විභගයක් එහෙම තියෙලා එකෙන් ලකුණු ගන්න අනුව තමයි තමන් ඉගෙන ගන්න පන්තිය මොකක්ද කියල එක තිරනය කරේ..
මමත් ඉතින් අදාල විභාගය එහෙම කරා කියමුකො… දෙයියනේ කියලා මාව තේරුනෙත් පලමු වසරට..ඒ කියන්නෙ මාස 9 ක්ම පන්ති යන්න වෙනවා කියන එක..
මමත් ඉතින් අදාල විභාගය එහෙම කරා කියමුකො… දෙයියනේ කියලා මාව තේරුනෙත් පලමු වසරට..ඒ කියන්නෙ මාස 9 ක්ම පන්ති යන්න වෙනවා කියන එක..
ඔන්න ඉතින් මුල්ම දවසෙ පරක්කු වෙලා යන්න බැරි නිසා ටිකක් උදෙන් නැගිටින්නත් උනා.. පන්ති පටන් ගන්නෙ උදේ 8 ට.ඉවර වෙන්නෙ දවල් 12 ට…
මමත් 6.30 වගෙ නැගිටලා ලක ලෑස්ති වෙලා 7 බස් එකට යන්න පිටත් උනා.. මොකද මගෙ යාලුවො දෙන්නෙකුත් වැඩට යන්න ඒ වෙලවට බස් එකට එන නිසා කම්මලියක් නෑතුව යන්න පුලුවන්… එකෙක් තුෂාන්, අනිකා ශෙලන්..ඔන්න දෙයියනෙ කියලා උන් දෙන්නත් එක්කම මමත් දැන් බස් එකෙ යනවා… අපි තුන් දෙනාම පස්සෙ සීට් එකෙ තමයි ඉඳගෙන ගියේ. ඕප දුප කතා කරන අතරෙ ජනේලයෙන් එලිය බල බල යන්නත් මම අමතක කරන්නෙ නෑ.. බස් එක හෝල්ට් දෙකක් විතර ගිහින් තුන් වෙනි හෝල්ට් එකේ නැවැත්තුවා.. ඔය වෙලේ තමයි මටත් නිකමට වගේ එළිය බැලුනේ..
දෙවියනේ මගේ පපුව මොහොතකට නතර උනා වගේ…අතුරු පාරක් ළඟ ඉස්කෝලේ යන්න ලස්සනම ලස්සන හුරුබුහුටි කෙල්ලෙක් හිටගෙන ඉන්නව මම දක්කා… ඒ මගේ මම මගේ ජීවිතේටම දැකපු ලස්සනම කෙල්ල. අහම්බයකින් වගේ ඒ මොහොතෙම එයත් මගේ දිහා බලුවා.. ඒ ඇස් දෙක දිහා බලන් හිටපු තප්පර කිහිපයට මට මුලු ලෝකෙම අමතක උනා වගේ… යාලුවො කියන කිසිම දෙයක් මට ඇහුනෙ නෑ.. එත් එක්කම වගෙ බස් එක ආපහු යන්න ගත්තා … මම තාමත් ඒ කෙල්ල දිහා බලාගෙන.. අපේ ඇස් ඈත් වෙලා නොපෙනී යනකම්ම මම ඒ ඇස් දිහා බලාගෙන හිටියා…
” පටාස්…!!!! මොනවද යකෝ තෝ එලිය දිහා බලාගෙන කල්පනා කරන්නේ…? “ තුෂාන් මගේ කකුලට එකක් ගැහුවමයි මම පියවි සිහියට ආවේ….
” අඩෝ නෑ මචන්, උබලා දෙන්නා දැක්කද ඒ කෙල්ලව….”
“මොන කෙල්ලෙක්ද හුයන්නෝ…? “
“ඇයි යකෝ අර බස් හෝල්ට් එක ගාව හිටගෙන හිටියේ..”
“තෝ මේ කෙල්ලෙක් ගැන කියෝනව අපි දැක්ක කෙල්ලෙක් නෑ බන්…”
“එහෙනම් ඉතින් උබලගේ ඇස් පින් කරලා නෑ මචන්… පට්ටම කෑල්ලක් බන්… එකී කොහෙද ඒ අහල පහලමද දන්නේ නෑ නේද බන්…?”
“අපි කොහොමද යකෝ දන්නේ..?”
“අහ් …!!! ඔව්නේ උබලා දන්නෙත් නෑ නේ…”
එතනින් ඒ කතාව ඉවර උනත් මෙගේ හිතේ දහසක් දේවල් හිතෙන්න පටන් ගත්තා… කව්ද ඒ කෙල්ල…? කොහෙද ඉන්නේ…? කොල්ලෙක් ඉන්නවද ..??? ආපහු හෙටත් දකින්න හම්බ වෙයිද….?? මෙගේ හිත මගෙන්ම ප්‍රශ්න කරනවා…
“යකෝ උබ මනෝ ගහලද ඒ කෙල්ල ගැන…?” ආපහු මගේ දැහැන බිඳුනේ ශෙලන්ගේ ඒ වචන කිහිපයෙන්…
“හ්ම්ම්.. මට ඒ කෙල්ල ගැන විස්තර හොයා ගන්න ඕනේ මචන්.. උබලා මට උදව් කරනවා නේද….?”
“යකෝ මේ දැක්ක ටිකට උබට ඒකිව හිතටම වැදුනද බන්…? හරි හරි සනා උඹට නොකරන හෙල්ප් තියෙනවද බන් අපි ගාව… නැද්ද තුෂාන්…?”
“අනිවා අනිවා මචන්, හෙල්ප් එකක් දෙන්නම්කො උබට.. දැන් පොඩ්ඩක් ඕක අමතක කරලා ඉඳින්…” තුෂානුත් මට උදව් කරන්නන කැමති උන එකනම් මට ලොකු ලොකු හයියක්…ඔන්න මට ඉන්න යාළුවෝ…
ඊට පස්සේ මම පන්තියට ගියත් මට හැම වෙලේම මැවිලා පෙනුනේ ඒ කෙල්ල මගේ දිහා බලන් හිටපු ඒ තප්පර කිහිපය ගැනමයි… අනේ මට ඒ කෙල්ලව යාලු කර ගන්න තියෙනවනම්…. මගේ හිත දැන්ම බලාපොරොත්තු ඇති කරගෙන…ගෙදර යද්දිත් මග දිගටම හිතුවේ එයා ගැන.. නාන අතරේදිත්, කන අතරෙදිත්,නිදාගන්න අතරේදිත් මම එක දිගටම එයා ගැන හිතුවා . ඇත්තම කිව්වොත් මට එදා රෑ හරියට නින්ද ගියෙත් නෑ… ලව් කරන උන් ඔය ලෙඩ ගැන අනිවා ඩෙෆා දන්නවා ඇති… හෙටත් එයාව දකින්න තියෙනවනම් කියන සිතුවිල්ලත් එක්කම මම නිදා ගත්තා…
*********
උදේ ඇහැරුන ගමන්ම හිතුනෙත්.. ”අනේ අදත් මට අර කෙල්ලව දකින්න පුළුවන් උනොත්” කියලා විතරමයි…… ඊයේට වඩා උනන්දුවෙන් ලැස්ති වෙලා මම බස් එකට දිව්වේ බැරි වෙලා හරි බස් එක මිස් උනොත් කියලයි….. මගේ අති ජාතක මිත්තරයෝ දෙන්නත් මම එන්න කලින්ම බස් හෝල්ට් එකට ඇවිත්.. උන් දෙන්නව දැක්කම මට බදාගෙන ඉඹින්න හිතුනත් දෙනෝ දාහක් සෙනග මැද්දේ එහෙම කරානම් දොස්තනා ෆිල්ම් එක වගේ වෙයි කියලා හිතුන නිසාමයි….
අද මාත් එක්කම යාලුවෝ තරඟෙට වගේ ඊයේ කෙල්ල හිටපු පැත්ත බලාගෙන හොයනවා…. කරුමෙක මහත..!!! අද තුන්දෙනාම හෙව්වත් කෙල්ල හිටියේ නෑ… ඊයේ රෑ ඉඳල පොදි බැඳපු බලාපොරොත්තු ඔක්කොම එක මොහොතකින් බිඳිලා ගියේ හිතට පොඩි දුකකුත් එකතු කරමින්….
“ගණන් ගන්න එපා බන්… හෙට වෙනකම් ඉවසපන්…!!! “ අරුන් දෙන්නම මගේ හිත හදන්න එහෙම කිව්වේ උන් දෙන්නටත් මගේ වෙනසක් නිසා වෙන්න ඇති….
“හ්ම්ම්..”
හෙට වෙනකම් ඉවසපන් කිව්වට දවස් 3ක්ම කෙල්ලව හෙව්වත් අපිට හොයා ගන්න බැරි උනා.. එත් මම නෙමෙයි උත්සාහය අත ඇරියේ…. සිකුරාදා දවසෙත් අපි සුපුරුදු පරිදි කෙල්ලව හෙව්වත් අපිට හම්බුනේ නෑ…
“මචන්.. හවස් වෙලා මේ පැත්තට පොඩ්ඩක් ඇවිත් අපි පොඩි සෝදිසි පාරක් දාල බලමුද…? උබලා දෙන්න එනවා නේද මාත් එක්ක…? “ වෙන කරන්න දෙයක් නැති කමට මම එහෙම කිව්වා…
” අනිවා මචන්….!!! “
“මුන් දෙන්න ඉන්න එක කොච්චර දෙයක්ද…” මට එහෙම හිතුනේ උන්ගේ වචනෙත් එක්ක…
පන්තියට ගිහින් ඇඟිලි ගැන ගැන හිටියේ ඉවර වෙලා ගෙදර එනකම්…. කෙල්ලෙක් දැකපු දවස් දෙක තුනට මේ වගේ වෙනසක් වෙයි කියලා මමවත් තුන් හිතකින් හිතුවේ නෑ…
උදේ කතා කර ගත්ත විදිහට අරුන් දෙන්නත් එක්ක පයින්ම ගමන පටන් ගත්තේ කෙල්ලගේ ගේ හරියටම එතනමද කියන එක අපි තුන්දෙනාටම විශ්වාසයක් නැති නිසයි… පැයක් විතර ඒ අහල පහල කරක් ගැහුවත් අපිට කිසිම හෝඩුවාවක් හොයා ගන්න බැරි උනා…
අවසාන බලාපොරොත්තුවත් කඩ උන අපි කයියක් දාගෙනම එන්න පිටත් උනා…
“නැට්ට පිටින්ම අලි මැරෙන කාලේ ඕවා ගණන් ගන්න එපා බන්…!!!!” ශෙලනයා කින්ඩියත් දානවා…
“අඩෝ හෙට යමන් පන්සල්… පහනක්වත් පත්තු කරලා අපි ප්‍රර්ථනා කරමු ඒකිව උබට ආපහු හම්බ වෙන්න කියලා…” තුෂානයත් ශේලන්ටම එකතු වෙලා මට කින්ඩිය දාන්න ගත්තා… ශෙලන් ක්‍රිස්තියානි ආගමේ උනත් ඌත් අපිත් එක්ක පන්සල් යන්න එනවා… අපිත් ඌත් එක්ක පල්ලි යනවා…
“තොපිලත් කෙල්ලෙක්ට ලව් කරලා බලපල්ලකො… රිලව් දෙන්නා…” මමත් ගේම අත ඇරියේ නෑ…
වෙන කරන්න දෙයක් තිබුනේ නැති නිසා ශේල්න්ගේ ගෙදරට ගිහින් මැක්ස් පේන් ගේම් එකත් ගහලා ගෙදර ගියේ හෙට පන්සල් යන්න හිතාගෙනයි…
**************මතු සම්බන්ධයි ***************
Subscribe to:
Post Comments (Atom)
පට්ට මචන් දිගටම ලියපන්
ReplyDeleteමට හම්බුන මුල්ම කොමෙන්ටුව...බොහොම තැන්කිව් මචන්....
Deleteබ්ලෝගර් ෆලෝවර් ගැජට් එකත් දාහං වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරහං
ReplyDeleteහුරේ අටම් අයියත් ඇවිත්නේ... තැන්කිව් ඈ.... වර්ඩ් වෙරිෆිකෙෂන් නම් අයින් කොලා අටම් අයියේ... අනික කරන්නේ කොහොමෙයි...???
Deletehttp://www.southernspeakers.net/2013/02/adding-followers-gadget-in-blogger-post.html?m=1
Deleteඅලුත් කෙනෙක් වගේ . සුබ පැතුම්
ReplyDeleteබොහොම ස්තුත්යි.... ආපහු ඇවිත් යන්න එන්න.....
Deleteඅඩේ අළුත් කිව්වට ඔය ලෙසටම ලියල තියෙන්නේ....
ReplyDeleteබූට් පෙමක් නොවේවා !
(blogger follower widget එකක් දාපියෝ හැමදාම ගෙන්නගන්න ඕන නම්)
අඩේ තැන්කිව් මචන්... දිගටම ඇවිත් යන්න වරෙන්... වෙරි වේවා..!!!
Deleteසුභ පැතුම් කොලුවො...පටන් ගත්ත වැඩේ දිගටම අල්ලගෙන පලයන්...උඹට තල්ලුවක් වෙන්න ඔන්න මම බොලාගෙ පළවෙනි යාලුවා උනා.ටික දවසක් බ්ලොග ලියාගෙන යද්දි තමන්ගෙම කියලා රිදම් එකක් අහුවෙයි. අනිත් කාරණේ අනිත් අයගෙ ශෛලින් අනුගමනය කලාට කමක් නෑ...කොපි නොකර...තමන්ගෙම කියලා ශෛලියකින් තමන්ගෙ ප්‍රකාශනයන් ඉදිරිපත් කරන එක තමයි වැදගත්...තමාගෙ බොගට වැඩියෙන් පිරිස එන්නෙ..ඔබත් අනුන්ගෙ බොග් වලට යන තරමට කියන කාරණයත් හිතේ තියා ගන්න...
ReplyDeleteමට පේන විදියට බොලා මට වඩා සෑහෙන තරමකට වයසින් අඩුයි වගේ... කෝක උනත් තැබූ අලුත් පියවර සාර්ථක වෙන්නට පතනවා...
අපිට ජය වේවා !
තැන්කිව් සිරා ගොයියෝ... ඔව් ඔව් බන් බොට වඩා අවුරුදු තුනකින්ම මම සූටියි.. හික්ස්... බොග ගැන පොඩ්ඩක් දන්න කස්ටියට කියලා හෙල්ප් එකක් දීපන්... ජයම වෙලා වෙරිත් වේවා...!!!!
Deleteබොග ගැන දන්න කස්ටියට කිවිමට අවශ්‍ය නැත...ඔබේ කැපවීම සහ හැකියාව මත යථා කාලයේදී ඔවුන් මෙහි ඒවි...තවෙකෙකුගේ උදව්වෙන් නොව තමා ස්වෝත්සාහයෙන් එතනට ලගා විය යුතුය.
Deleteඋඹේ වර්ඩ්ප්‍රෙස් බ්ලොගට ඇවිත් කොමෙන්ටුවකුත් දාලා, ෆලෝ එකකුත් දැම්මා. දැං බලනකොට ඒක නෑ.
ReplyDeleteඅනේ බං.
කොහොම හරි කමක් නෑ. උඹට ජය වේවා. මේකත් වෙනස් කළොත් දන්වපං ඈ.
මේ පැත්තට සාදරෙන් පිලිගන්නවා.... සිරා ගුරා කිව්වා මේ විදිහ ලේසියි කියලා... එකයි මේකට සෙට් උනේ... නෑ නෑ ආපහු වෙනස් වෙන්නේ නෑ ... හැමදාම ඇවිත් යන්න වලෙන්...
Delete